මේ වන විට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් ඔහුගේ දේපළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පවසයි.
ඒ අනුව ඔහු තවදුරටත් සැඟව සිටින්නේ නම් ඔහුට එරෙහිව ගැනීමට නීතියේ ප්‍රතිපාදන තිබෙන බවයි අද (09) මෝදර පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔහු නීත්‍යානූකූල කටයුත්තක් සිදු කර ඇත්නම් සැඟව සිටීමට කිසිඳු හේතුවක් නොමැති බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.