Spread the love

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණ නියෝග මත විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි

ඔහු දැනට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් ක​ළේ.

මාතර, වැලිගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 28 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයා ඇතුළු 8 දෙනෙකුට වරෙන්තු නිකුත් කර තිබිණ.

ඒ අනුව, පෙරේදා අධිකරණයට ඉදිරිපත් කළ දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර කෙරිණ..