පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක් සහ වයින් බෝතල් 214 ක් පමණ සොයා ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ පොලිසිය විසින් කරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී ඇපල් වර්ජගයේ ජංගම දුරකථන දෙකක් ද සොයා ගත් බවයි.
එම දුරකථන වලින් වැදගත් තොරතුරු සොයා ගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.