Spread the love

මෙවර මැතිවරණයේදී පළාත් පාලන ආයතන ද සුද්ධ කිරීමට ලක් කළ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි

හොරකමට, දූෂණයට, වංචාවට ජනතාව කැමති නොමැති බවත්, එම දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි යන පසුබිමේ සිට පසුගිය මැතිවරණයේදී ජනතාව ඡන්දය ලබාදුන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුව එම ගමන ජනතාව බලාපොරොත්තු වුනු ආකාරයටත් වඩා හොඳින් යමින් ඇති බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.