Spread the love

නිමල් රාජපක්ෂ-

දේශපාලඥයින්ට යටනොවී රාජකාරිය නිසියාකාර සිදු කිරිම නිස එක රැයින් ෆැක්ස් පණිවිඩයෙන් සිය සේවා ස්ථානයෙන් මාරුවීම් ලද එකම නිලධාරීයාත් ,දෙසම්බර්මස 31 වැනිදින අමාත්‍යශයක ලේකම් හැටියට වැඩබාරගත් එකම නිලධාරියත් තමන් බව හිටපු කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී .විජේරත්න මහතා පවසයි.
රාජ්‍ය සේවයේම පෙරලිකාරයා බවට විශාල ප්‍රසිද්ධියකට පත්වු තමන් ආයතන ගණනාවක සිය සේවාවන් උඩු යටිකුරු කිරීමට පියවර ගත් බවත් පැවසුවේ නිහතමාණී ආඩම්බරකිණි.
මන්ද හැමදාම රාජ්‍ය සේවයේ අකරතැබ්බයන් සමගින් රාජකාරිය දිිවිය ඇරඹු විජේරත්නයන් කිසිදාක කිසිදු අකටයතු ක්‍රියාවකට හිස නොනමු බවද කීවේ දැඩි ගාම්භීරත්වයකිණි.

සිය පාසල් දිවියෙන් පසු උපාධිය හදාරා මුලින්ම මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ ලිපිකරුවකු ලෙස මුල්ම පත්විම ලද විජේරත්නයන් ඉන් අනතුරු දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ බදු නිලධාරී තනතුරට පත්වී එතනින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පැවැති තරග විභාගය සමත්වි පරිපාලන සේවයට බැදුණි .මුලින්ම පරිපාලන සේවයේ පදවිය උපදිසාපති තනතුරට පත්විම ක් ලැබීමත් සමගින් තීන්දු තීරණ ගැනීමේ පහසුවක් ලැබුණු බවද පැවසුවේය.

ඉන්අනතුරුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරට පත්වීය.නීතියට පටහැනි කිසිම දෙයක් සිදු නොකිරීම නිසා පොල්පෙරේරා දේශපානඥයාගේ ඉල්ලීමක් ඉටු නොකිරීම නිසා ෆැක්ස් එකකින් මිගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් හැටියට මාරු කර තිබිණ .එහිදී දැඩි කලකීරීමට පත් ව රාජ්‍ය සේවයට වැරදි දේ නොකිරීම නිසා රාජ්‍ය සේවය අතහැරගිය විජේරත්න මහතා මධ්‍ය ම ආණ්ඩුවට බැදී රාජකාරී ස්වභාවය වෙනස් කළේය.
රාජ්‍ය සේවයේම අකරතැබ්බ වලට මුහුණ දුන් විජේරත්න මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයද ,තරණ කටයුතු නිපුනතා අමාත්‍යංශයේ ඩලස් ඇමතිතුමාගේ අමාත්‍යංශයේ ලේකම් හැටියට සේවය කළේය.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියද රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හැටියටද සේවය කළ බවත් වෙතන් ආයනත ගණනාවක සභාපති ධුරයට හොබවු බවත්, අස්වැසුම නමේ නිර්මාතෘ තමන් බවත් අප හා පැවසුවේ නිහතමාණී ආඩම්බරයකිණි.

වීඩියෝව නරඹන්න,

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න