Spread the love

වෙළඳපළේ මේ වන විට දෙහි කිලෝවක් රුපියල් 3,000 ඉක්මවා අලෙවි වෙමින් පවතින බව පාරිභෝගිකයන් කියා සිටිිති.

දෙහි හිගයක්ද පවතින අතර ඇතැම් වෙදලසැල්වල සාමාන්‍ය ප්‍රමාණයේ දෙහි ගෙඩියක් රුපියල් 100ක පමණ ඉහල මිලකට අලෙවි වෙමින් තිබේ.

මහවැලි කලාප වල දෙහි විශාල වශයෙන් වගා කරනු ලැබූ දැන් මෙවර අස්වැන්න අඩු වී ඇති නිසා දෙහි මිල ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දෙහි කිලෝවක තොග මිල රුපියල් 750ක ට ඇතත් ඒ සඳහා අධික ඉල්ලුමක් ඇති ව තිබේ.