Spread the love

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගිය සිකුරාදා රාත්‍රියේ තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.

තිදෙනෙක් මෙම වෙඩි තැබීම  සඳහා වෑන් රථයකින් පැමිණ තිබූ අතර දෙදෙනෙක් ඉන් බැස මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පසුව වාර්තා විය.

වෙඩිතැබීමට සම්බන්ධ එම වෙඩික්කරුවන් දෙදෙනා මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය පැවසීය.