Spread the love

නාගොඩ -සුමන

අබිරහස් ලෙස මිය ගිය ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මළ සිරුර පිළිබඳ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය මේවන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී ආරම්භ වී තිබේ.
ඒ සදහා පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කර ඇත
කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් ,රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු ,කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ පී.ආර්. රුවන්පුර හා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්. සිවසුබ්‍රමනියම් යන මහත්වරුන් එම විශේෂඥ කමිටුවට අයත් වෙයි.
දෙවැනි මරණ පරීක්ෂණය සඳහා දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ඊයේ (25) ගොඩ ගනු ලැබීය.