නිමල් රාජපක්ෂ
දෙමටගොඩ දුම්රිය ස්ථානයේ ඊයේ (21)පෙරවරු 6.30 සිට 9.00 දක්වා පැය දෙකහමාරක කාලයක් සිදු කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී දුම්රියේ හොරට ගමන්කල මගින් 47 දෙනෙකු මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල මගීන් ගෙන් ඒ මොහොතේම 41 දෙනෙකුගෙන් 123 2400 දඩ මුදලක් අයකර ගෙන ඇත. ඉතිරි මගීන් ඇපකර තබා ගොස් ඇත..
මෙහිදී කාන්තාවන් දෙදෙනකුට කොටු කර ගත් බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පැවසුවේය.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, සහකාර ආරක්ෂක අධිකාරි චන්ද්‍රපාල මහතාගේ අධීක්ෂණයෙන් , කාර්යභාර නිලධාරීන්වන ඒකනායක , විජේරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක ලලිත් ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.