Spread the love

නාගොඩ- සුමන

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින 900 අධික හමුදා සාමාජිකයන් පිරිසක් සේවයෙන් ඉවත් වීම සඳහා දින 02ක් තුළ භාර වී ඇතිබව යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පවසයි.

ඒ අනුව ඔවුන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු දින තුනක් ඇතුළත සිදු වන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.