Spread the love

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාල සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අවම කර ගනිමින් කටයුතු පවත්වා ගැනීම පිළිබඳව ප්‍රාදේශීය පරිපාලනයේ නිරත නිලධානීන් දැනුවත් කිරීමේ Road Map For The Better Service Delivery වැඩසටහන පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රිකයන්හිදී පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී පසුගියදා පැවැත්විණි.

ස්වදේශ කටයුතු විමර්ශන අංශය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය යන ආයතනයන්ගේ දායකත්වයෙන් හා සහසම්බන්ධයෙන් මේ ROAD MAP විශේෂ වැඩසටහන පවත්වනු ලබයි.

සෑම දිස්ත්‍රික්කයකම මෙම වැඩසටහන පවත්වන අතර පසුගිය දා පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පැවති වැඩසටහන සඳහා ප්‍රධාන දේශනා පැවැත්වූයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීල් ද අල්විස් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම් (විමර්ශන) ධම්මික මුතුගල යන මහත්වරුන් විසින්.

මීට අමතරව තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් නිලධාරී සකුන්තලා සෙනරත් මහත්මිය විසින් මෙහෙයවන ලදී.