දුම්රිය දෙපාර්තමේන්තුවේ e-ප්රවේශපත්ර වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවයි අධිකරණයට දැනුම් දී ඇත්තේ.
ඒ අනුව Online මාර්ගයෙන් කෙටි වේලාවක් තුළ ටිකට් පත් ලබාගෙන, ඒවා වැඩි මිලකට අලෙවි කිරීමේ ජාවාරමක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණයට දැනුම්දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ