Spread the love

දුම්රිය හරස් මාර්ග 400 ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර පවසයි

ඒ සඳහා සේවකයින් 1200ක් බඳවාගන්නා බවත්, රජයේ බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවා ගත් පුද්ගලයින් ඒ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශය සමග ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම බඳවා ගැනීම් සඳහා එකඟතාව හිමි වූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් පැවසුවේ.