Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රිය දෙපාර්තුමේන්තුව කිසියම් පහළ මට්ටමකට පත්වී ඇති බැවින් මෙය නගා සිටුවීමට හසළ දැණුමක් ඇති කාර්යක්ෂම නිලධාරියකු වන දැනට අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර හොබවන වී.එස් .පොල්වත්ත ගේ මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට පත්කළ යුතු බව ලංකා දුම්රිය නියාමක සංගමයේ සභාපති එන්.එස් .කේ තිලකරත්න මහතා පවසයි.
දැනට සිටින දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා තව නොබෝ දිනකින් විශ්‍රාම යන බැවින් මේ ක්ෂේත්‍රය පිළිබදව නොදන්නා කෙනෙකු පත්වුවහොත් තවත් දුම්රීය දෙපාර්තුමේන්තුව අගාධයකට පත්වනු නොඅනුමානයි. එම නිසා මෙය නගා සිටුවීමට දුම්රිය පිළිබදව මනා අවබෝධයක් ඇති අයතු පත්කළ යුතුවෙයි.

එසේ නොමැති වුවහොත් පසුගිය දිනවල ඇතිවුවාක් මෙන් විදුලි පංකාවට රුපියල් ලක්ෂ දෙකක් මුදලක් ඇස්තමේන්තු කලාක් මෙන් මෙය විනාසයට පත්වනු නොඅනුමානයි. මෙවැනි සිද්ධීන් නිසා දුම්රිය පරීපාලනයටද බාධා ඇතිවිය හැකියි. දුම්රිය අධිකාරියක් කළ යුතුමද , එසේ නොකර දෙපර්තුමේන්තුවක් හැටියට කරගෙන යන්න බැරි ඇයි.

මෙහි තිබෙන ටෙන්ඩර් ක්‍රම මගින් මහා පරිමාන මුදල් ගසා කෑම් නතර කළ යුතුයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා සිදුවන දුෂණ වංචා නතර කළවිට දුම්රිය නගා සිටුවීමට කටයුතු කිරීමට හැකිවනු ඇතැයිද තිලකරන්න මහතා වැඩි දුරටත් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,

වීඩියෝව නරඹන්න subscribe කරන්න


මරදාන දුම්රිය නියාමක වෘත්තිය සමිති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මෙම අදහස් පළ කළේය. මෙම අවස්ථාවට සහභිගිවු ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ .ඩී.ඩී ප්‍රසාද් , ලංකා දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් චින්තක සිරිවර්ධන ,ලංකා දුම්රිය නියාමක සංගමයේ භාණ්ඩාගාරික වයි.ඒ.ජී.යු යාපා යන මහත්වරු මෙහිදි අදහස් දැක්වුහ.