Spread the love

දුම්රිය ධාවනය   හෙට(17) සිට සාමාන්‍ය කාලසටහන අනුව ධාවනය කිරීමට සැලසුම් කර ඇතිබව දුම්රිය ගමනා ගමන අධිකාරි ගාමිණී සෙනවිරත්න මහතා පැවසීය.

ඒ අනුව සියලු දුම්රිය නියමිත පරිදි ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.(16) අද දිනයේ දුම්රිය ගමන් වාර 125 ක් ක‍්‍රියාත්මක කරන බව පැවසීය.
ඊට අමතරව දුර ගමන් සේවා දුම්රිය අතරින් කොළඹ සිට මඩකලපුව බලා ගමන් කරන දුම්රිය අද පෙරවරු 06.05 ට ධාවනය කළ බව පැවසීය.රාත‍්‍රි 07.00 කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන දුම්රිය ද ධාවනය වන බව එහිදී වැඩිදුරටත් පැවසීය.