Spread the love

දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට ලක් කිරීමට තීරණය කර බව ශ්‍රී ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා පැවසීය.

පසුගියදා මීනගයා දුම්රියේ ආපනශාලාව පරීක්ෂා කිරිමේදී අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වීමත් සමග එම තීරණය ගත් බව පැවසීය.

ඒ අනුව මීනගයා දුම්රියේ අපනශාලා මැදිරිය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව අත්හිටවීමට කටයුතු කිරිමට පියවරගෙන ඇතිබව වැඩිදුරටත් ලේකම්වරයා පැවසීය.