Spread the love

නිමල් රාජපක්ෂ-

ගාලු කුමාරි දුම්රියේ විදෙස් කාන්තාවකට අමතකවී ගිය රුපියල් ලක්ෂ ගණනන් වටිනා ටැබ් යන්ත්‍රයක් ජෝන් හොලන් අංගනයේදී දුම්රිය පරික්ෂාවට ලක්කළ දුම්රිය ආරක්ෂක නිලධාරීන් හමුවි තිබේ.
වහාම ක්‍රියාත්මක වු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අදාල විදෙස් කාන්තාව සොයා බාරදීමට කටයුතු කර තිබේ.

අනුන් සතු දේවල් කඩාවඩා ගන්නා යුගයක රුපියල් ලක්ෂ ගනණක් වටිනා ටැබ් යන්ත්‍රයක් අදාල කාන්තාවට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සොය බාරදිමට සිදු කල සත්ක්‍රියාව දෙපාර්ත්තුමේන්තුව මගින් ඇගයීමකට ලක් කලයුතුයි. නමුන් නිලධාරීන් කොතෙක් මෙවැනි ක්‍රියාවන් සිදු කොට දුම්රිය දෙපාර්තුමේන්තුවට කීර්ති නාමයන් ගෙන දුන්නද එයට කලගුණ සැලකීමක් දක්නට නොලැබීම කනගාටුවට කරුණක්..

සහකාර ආරක්ෂක අධිකාරී කරැණානායක මහතාගේ උපදෙස් මත, පෝන් හොලන්ඩ් අංගනයේ කාර්ය භාර නිලධාරි අමල් රෝහන මහතා , H.M.A.N.හේරත් යන අය අදාල විදෙස් කාන්තාවට ටැබ් යන්ත්‍රය බාර දුන් අවස්ථාවයි මේ.