Spread the love

,

රත්මලාන දුම්රිය අංගනයට ඇතුලුවී දේපල සොරකම් කිරීමටපැමිණි පුද්ගලයින් පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරී යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට අද අලුයම පහරදී තුවාල සිදු කිරිමේදි දී  දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු මෙම සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.

එම වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරුවන් පළා ගොස් තිබේ.

සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.