මරදාන සිට දකුණු කළුතර බලා ධාවනයවූ අංක 716 මන්දගාමී දුම්රියේ පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී කාන්තාවක් හැපීමෙන් මිය ගොස් තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 60ක් පමණ වයසැති කාන්තාවක් බවත් ඇයගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් පොලීසිය පවසයි
අනතුර සම්බන්ධයෙන් පානදුර දකුණු පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.