Spread the love

මරදානේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ බූස්ස පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත..

පොලීසිය පැවසුවේ අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ත් 19ත් අතර තරුණයන් තිදෙනෙකු බවය.

එක් තරුණයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමේදී මියගොස් තිබේ.
වෙසක් සැරසිලි නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුරට ඔවුන් මුහුණ දී ඇත.

මියගොස් ඇති තිදෙනා ඥාති දරුවන් බවද වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ මියගිය තරුණයන් කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.