Spread the love

නිමල් රාජපක්ෂ-

ජනවාරි 31 වැනි දින සිට යාපනය දක්වා රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
එසේ රාත්‍රි තැපැල් දුම්රිය ආරම්භ කරන්නේ ප්‍රවාහන මහා මාර්ග හා සිවිල් ගුවන් සේවා ඇමති වරයාගේ උපදෙස් මත බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අද (27)දුම්රිය මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදි පැවසුවේය.
මීට අමතරව ඇල්ල දක්වා දුම්රියට අධික ඉල්ලුම සම්බන්ධයත් සමගින් පැවැති අයථා කටයුතු හේතුවෙන් ගත් මුල් පියවර වශයෙන් පෙබරවාරි 1 වැනිදා සිට නුවර සිට දෙමෝදර දක්වා සති අන්තයේ දුම්රියයක් ගමන් කරවීමට පියවර ගන්නා බවද පැවසුවේය .
මෙම දුම්රියෙහි ආසන 300 ක් පමණ තිබෙන බැවින් එක් ආසනයක් රුපියල් 7000 ක් පමණ වෙන බැවින් එයින් හොද ආදායමක් උපයා ගත් හැකි බවද පැවසුවේය.


මීට අමතරව පෙබරවාරි 10 වැනි දින නානුඹය සිට ඇල්ල දක්වා ‍දෛිනික දුම්රික් ආරම්භ කරන බවත් එහි ආසන 350 ක් තිබෙන බැවිත් පැවසුවේය. තව දුරටත් අදහස් දැක්වු දුම්රිය සාමාන්‍යාධිකාරිවයර එම දුම්රිය පෙරවරු 8.10 නානුඹය දුම්රිය ස්ථානයෙන් පටන් ගෙන බදුල්ලට ගොස් නැවත පස්වරු 1.00 බදුල්ල දුම්රිය ස්ථානයෙන් නානුඹයට දුම්රිය ස්ථානය බලා ධාවනය කෙරේ. . දුමරිය දවල් කාලයේ ගමන් කරන බැවින් ඇල්ල නානුඹය කොටසට සංචාරකයින් සදහා භාවිතා කල හැකිබවද ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු ධම්මික ජයසුන්දර මහතා

විඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න