Spread the love

නිමල් රාජපක්ෂ
 දුම්රිය ආරක්ෂක සේවයේ පුරප්පාඩු පිරවීම සදහා  අලුතින් 178 දෙනෙකු  සදහා නව පත්විම් ලිපි පිරිනැමීම හෙට(06) පෙරවරු 11 .00  දුම්රිය මුලස්ථායේදී ප්‍රවාහන මහාමාර්ග වරයා හා  සිවිල් ගුවන්සේවා ඇමති බිමල් රත්නායක මහතා අතින්  සිදු කෙරේ.
දුම්රිය ආරක්ෂක හමුදාවට විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙන බැවින් එම පුරප්පාඩු පිරවීම සදහා 2019 වසරේදී විභාග පවත්වා එයින්සමත්වී තෝරා ගත් පිරිසක් බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
නව රජය  බලයට පත්වීමෙන් පසු රාජකාරී කිරිම සදහා අත්‍යාවශ්‍ය  සේවා ස්ථානවල පුරප්පාඩු පිරවිම සදහා ගත් තීරණයකට අනුව මෙම බදවා ගැනීම සිදු කෙරෙන බවද එය යහපත් තීරණයක් බවද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.