Spread the love

දිස්ත්‍රික්ක 3 ක් සදහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බව සදහන්.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහාත් අදියර 1 යටතේ නාය යෑම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි.