Spread the love

පැවති අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 03 කට නිකුත් කළ නාය යෑමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජේෂ්ඨ භූ විද්‍යාඥා ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එම රතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, ඉමදූව, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය, වළල්ලාවිට, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් රතු නිවේදන බලපැවැත්වේ.
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස හා හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑමෙ රතු නිවේදන ක්‍රියාත්මක වෙයි.
මේ අතර බදුල්ල, කොළඹ, ගම්පහ, හම්බන්තොට, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ද අදියර එක සහ දෙක යටතේ නාය යෑමේ අනතුරු ඇඟවීමෙ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසුවේය.