Spread the love

ප්‍රදේශ 02කදී දියේ ගිලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මින්නේරිය වැවේ සිට කන්තලේ වැවට ජලය රැගෙන යන ඇලක දිය නෑමට ගිය 37 හැවිරිදි අතුරලිය, යහලමුල්ල පුද්ගලයකුද ,වීරකැටිය, වකමුල්ල ඌරුබොකුඔයේ වේල්ල මතින් ගමන් කරමින් සිටි 40 හැවිරිදි වකමුල්ල, හකුරුවෙල ප්‍රදේශයේ පුද්ගලයතුද දියේ ගිලි අතුරුදන්වි ඇත.
පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව අතුරුදන්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ත’බේ.  

මේ අතර ගාල්ල නාගොඩ බෙම්බඩ පහළ ප්‍රදේශයේ දින 02 ආසන්න කාලයක් අතුරුදන්ව සිටි 59 හැවරදි පුද්ගලයකු මළ සිරුර ඊයේ (24) ගිංගඟේ අතුරු ඇල මාර්ගයක තිබි හමුව ඇතිබව පොලිසිය පවසයි.