Spread the love


දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි

ඒ අනුව මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718,315 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව යන රටවල් වලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ.