Spread the love

2025.03.17 වන අද දින සිට 2025.03.21 වන දින දක්වා විරෝධතාකරුවන් පිරිසක් වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන අංක 04 ගරු මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පහත සඳහන් වග උත්තරකරුවන් වන,

  1. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ.
  2. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්.
  3. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක.
  4. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්.රංවල.

හා සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත 2025.03.17 වන දින සිට 2025.03.21 වන දින දක්වා වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හා සත්‍යග්‍රහයේදී මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරි යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කරන අතර කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදු කිරීමට සියළු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු වේ.

කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කරමින්, තවද පොල්දූව වටරවුම ආශ්‍රිතව හෝ එම මාර්ගය හා මාර්ගය දෙපස කිසිදු ඉදිකිරීමක් සිදු කිරීම තහනම් කරමින්, එසේ වගකීම් ගැනීමට නොහැකි නම් අදාල උද්ඝෝෂණය වග උත්තරකරුවන් විසින් නොපමාව විසිරුවා හැරිය යුතුය. මෙම අණ කඩ කල හොත් සාමය රකිනු වස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගත යුතුය යනුවෙන් ආඥාවක් නිකුත් කර ඇත.