Spread the love

ඊයේ උතුම් උදුවප් පුර පසළොස්වක පොහොය දිනයයි. ගම් නගර සිසාරා පැතිර තිබෙන සියලු වෙහෙර විහාර ජනතාවගෙන් පිරී ඉතිරි ගිහින් තිබෙන.

වයස් බේදයකින් තොරව එදා සිටම විශේෂයෙන් පොහොය දින වලට වෙහෙර විහාරස්ථාන වලට යන්න බෞද්ධ ජනතාව වඩාත් උනන්දුවෙන් පෙළගැහෙති.

එහෙත් ඉන් අතලොස්සක් වෙහෙර විහාරස්ථාන වලට යනවිට ඊට නොගැලපෙන ක්‍රියා සිදුකරයි.
ඇතැම් ඇය වෙහෙර විහාරස්ථාන වලට පැමිණ නොමනා හැසිරීම් සිදුකරන අතර ඇතැම් අය නුසුදුසු නොගැලපෙන අයුරින් ඇදුම් ඇද පැමිණෙයි.

එහෙත් ඊට හාත්පසින්ම වෙනස් උගත්, බුදීමත් ජනතාව බලාපොරොත්තු නොවන දෑ දැන් දැන් සිදුවීමට පටන් ගෙන තිබේ.

එය බෞද්ධ ජනතාවම සිදුකිරීම කනගාටුවට කරුණකි.

ඊයේ ගාල්ල බද්දේගම ඓතිහාසික දුටුගැමුණු රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති ස්වාමීන්වහන්සේ නමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර එම විහාරස්ථානයේ ඉදිකර ඇති චෛත්‍ය රජාණන්වහන්සේ වටා පාවහන් ගලවා දමා ඇති අයුරු දක්නට ලැබීය.

විහාරස්ථ දායක සභාවේ පිරිස් සදහන් කර සිටියේ පොහෝය දවසට පමණක් නොව විහාරස්ථානයේ ඇති ආගමික උස්සව සදහා ද පැමිණෙන ජනතාව එලෙස පාවන් ගලවා දමා යන බවයි. එය කිසිසේත් අනුමත කර නොහැකි බව ඔවුන් පවසයි.

මේ අතර ඇතැම් ජනතාව විහාරස්ථානයේ ඇති දස මහා යෝධයන් ගේ පාමුල ද පාවන් සඟවා යන බව නිරීක්ෂණය විය

ශාසනික වශයෙන් සහ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් විහාරස්ථානයක් වන බද්දේගම ඓතිහාසික දුටුගැමුණු රජමහා විහාරස්ථානයට පැමිණෙන ඇතැම් සැදැහැවතුන් විසින් සිදුකරන මෙවැනි කටයුතු කිසිසේත් අනුමත කර නොහැකිය.