Spread the love

නාගොඩ- සුමන

2024 ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණ ඉක්මවා යාමට නොහැකි වූ දරුවන්ගෙ මනස ශක්තිමත් කිරීමට දෙමව්පියන් සහ ගුරුවරුන් කටයුතු කළයුතු බව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය.
ශිෂ්‍යත්ව විභාග සමත් වුවත් අසමත් වුවත් ඉදිරි අනාගතය තීරණය නොවන බව පැවසීය.
ශිෂ්‍යත්ව විභාගය අසමත් වූ බොහෝ පුද්ගලයන් උසස් නිලතල දරමින් සිටියී.
ඒ හේතුවෙන් ඔවුන්ගෙ ජිවිත සාර්ථකත්වය කරා ළඟා කර ගෙන තිබේ.
ඒ හේතුවෙන් කඩයිම් ලකුණ අසමත් දරුවන්ගෙ මනස වියාකූලත්වයට පත් වන ආකාරයෙන් කටයුතු නොකිරීමට ගුරුවරුන් සහ දෙමව්පියන් කටයුතු කළයුතු බව පැවසීය.
එම දරුවන් ලබාගත් ලකුණු ප්‍රමාණය අගය කිරීමට ලක් කිරීම ඉතා වැදගත් බව පැවසීය.

කඩයිම් ලකුණ අසමත් වූ දරුවන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ දින කිහිපයක් දෙමව්පියන් අවධානයෙන් කටයුතු කළයුතු බව ගාල්ල ජාතික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පැවසීය.
එම දරුවන්ට නින්ද යන්නේ නැතිනම්,කල්පනා කරමින් සිටින්නේනම් හෝ අධික ලෙස කේන්ති යන්නේනම් ඒ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කර යුතුය.
එවැනි දරුවන්ට වෙනදාට වඩා ආදරය කරුණාව දැක්වීමට දෙමව්පියන් කටයුතු කළයුතුය.
විනෝද ගමන් රැගෙනයාම සහ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා දරුවන් ධෛර්යමත් කිරීමට දෙමව්පියන් කටයුතු කිරීම ඉතා වැදගත් බව පැවසීය.
ගුරුවරුන් ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කල යුතු බව වැඩිදුරටත් පැවසීය.