Spread the love

සිගිරිය වන ජිවි කාර් යාලයට ලැබුණු අවේක්ෂන නිලධාරින්ගේ බුද්ධි තොරතුරක් පදනම් කරගෙන සිදුකල වැටලිමකදි දඹුල්ල ආර්තික මධ්‍යෂ්ථානය අසල අවන්හලක් තුල තිබු දඩමස් කිලෝ174ක් සොයාගැනිමට වනජිවි නිලධාරින් සමත් වි ඇත.

දඹුල්ල නගරයට ඒන දෙස් විදෙස් ජනතාව ඉලක්ක කරගෙන කලක් තිසේ මෙම අවන්හලේ දඩමස් විකිණිම සිදුකරණබව වනජිවි නිලධාරින්ට ලැබුණු තොරතුරු පදනම් කරගෙන ආවේක්ෂණ නිලධාරින්ගෙන් ලද තොරතුරු පදනම් කරගෙන සිගිරිය වනජිවි නිලධාරින් මෙම වැටලිම සිදුකොට ඇත..

දෙස් විදෙස් මත්වතුර විකුණුම් පොලක් සමග පවත්වාගෙන ගිය මෙම අවන්හලේ අධිශිතකරණයක තැන්පත්කර තිබු කැලැ සතුන්ගේ දඩ මස් අතර

  1. ගෝන මස් 113 kg
    02 . මුව මස් 30 kg
  2. වල් උරුමස් 31 kg
  3. අධි ශීත ශීත කරන 01 හා සැක කරුවන් දෙදනෙකු අත්වඩංගුවට ගත්බව සිගිරිය වනජිවි කාර් යාල තොරුතුරු පවසයි

සිගිරිය හබරණ දිගම්පතහා රිදිඇල්ල ප්‍රදේශවල රක්ෂිත වනාන්තර වල සිදුවන දඩමස් ජාවාරමක් කලක සිට සිදුවන බවත් වන රක්ෂණ නිලධාරින් සිමිත නිලධාරින් හා සම්පත් භාවිතා කරමින් සිදුකලද දඩයක් කරුවන් ඉතාමත් සුක්ෂම අයුරින් කැලැසතුන් මරා නගරයට ගෙනවිත් හොටෙල් හා බාර් ආශ්‍රිතව විකිණිම සිදුකරණබව පැවසේ මෙම දඩ මස් ජාවාරම පිලිබදව වැඩිදුර පරික්ෂණ සිදුකරය.