Spread the love

පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් සඳහා දම්වැල් භාවිතය නතර කොට එම අලි ඇතුන්ට හිරිහැරයකින් තොරව කාලය ගත කිරීමට අලි අරණක් ඉදිකෙරෙන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පවසයි.

පින්නවල අලි අනාථාගාරය වඩාත් ජනප්‍රිය හා ජනහිතකාමී ස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වනාන්තරවලදී සිය රංචුවෙන් අතරමං වූ සහ අනතුරුවලට ලක් වූ විවිධ වයස් කාණ්ඩවලට අයත් අලි ඇතුන් 69 දෙනෙකු මේ වන විට පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටි.