Spread the love

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඇප ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය තහනම් කරමින් පනවා තිබූ නියෝගය ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් ඉවත් කර තිබෙනවා.

අදාළ නඩුව ඊයේ සිඩ්නි ඩව්නිං සෙන්ටර අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

අදාළ නඩු විභාගය යළි අප්‍රේල් 27 වැනිදා කැඳවීමට නියමිතව තිබෙනවා.