Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම කුඩා වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී පැති දෙකටම ( වැලිගම හා කනංකේ) යා නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ.

වැලිගම දෙසට අඩි 1 1/2 පමණ හා කනංකේ දෙසට අඩි 4 ක් පමණ, වැලිගම ඉමදුව පාරේ වතුර පැමිණ තිබේ.

ලොකු වාහන දැනට වැලිගම දෙසට ගමන් කළ හැකි අතර කනංකේ දෙසට ගමන් කළ නොහැක.

කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුවද මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවද පිටවීම සඳහා භාවිතා කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.