Spread the love

නාගොඩ -සුමන

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා පින්නදූව පිවිසුම අතර කිලෝමීටර් 101 කණුව ආසන්නයේ පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ දෙසට වන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතිබව දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
රාත්‍රී 08.30 පමණ පස් කන්ද කඩා වැටී තිබේ.අඩි 05 පමණ පස් කන්දක් එලෙස කඩා වැටී තිබේ.
ඒ අනුව කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිනෙන්නේ නම් පින්නදූව පිවිසුමෙන් පිටතට යා යුතුය.
මත්තල සිට පැමිණෙන්නේනම් ඉමදුවෙන් පිටතට යා යුතුය.
පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු මේවන විට සිදුවන බව දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හා පින්නදූව පිවිසුම අතර කිලෝමීටර් 101 කණුව ආසන්නයේ කඩා වැටුනු පස්කන් ද ඉවත් කිරීමට පැමිණි පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු පස් කන්ද ඉවත් කරමින් සිටියදී අනතුරකට ලක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
කඩා වැටුණු පස කන්ද ඉවත් කරමින් සිටියදී නැවත වතාවක් පස්කන්දක් කඩා වැටී පස් කන්දට යට වීමෙන් තුවාල ලබා රොහල් ගත කර තිබේ.පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය තවදුරටත් ඇණහිට ඇතිබව දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
පින්නදූව හා ඉමදුව අතර 101 කිලෝමීටර් කණුව ආසන්නයේ පස් කන්ද කඩා වැටීම සිදුවිය.
එම පස් කන්ද පළමුව ඊයේ (11) රාත්‍රී 08.15 පමණ නාය යෑමට ලක්වූ අතර පසුව විටින් විට තවත් අවස්ථා දෙකකදී නාය යෑමට ලක්විය.
පස්කන්ද ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙයි.පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය ඊට බාධා එල්ලවී ඇතිබව එම මධ්‍යස්ථානය පවසයි.ඒ අනුව කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිනෙන්නේ නම් පින්නදූව පිවිසුමෙන් පිටතට යා යුතුය.මත්තල සිට පැමිණෙන්නේනම් ඉමදුව පිවිසුමෙන් පිටතට යා යුතුය.
මේ අතර එම කන්ද තවදුරටත් නාය යෑමට හැකි බැවින් කඳු මුදුන දෙපස ජීවත් වන පුද්ගලයන්ට වහාම ඉවත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දුන්නේය.