හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වතුයායට අයත් රක්ෂිතයේ (06) දින පස්වරුවේ හටගත් ගින්නකින් අක්කරයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
හැටන් ප්රදේශයේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි එම රක්ෂිතය යාබදව පිහිටි හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කියා සිටියේ.
පැතිර යමින් තිබු ගින්න එම ජනපදයේ පදිංචිකරුවන් කිහිපදෙනෙකු එක්ව පාලනය කර ඇත.