මුල්කිරිගල ,ගුණරත්න
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සමස්ත ලංකා කුඩා තේවතු සමිති සංවිධානයේ යෝජනාවක් පරිදි තේ වගා කරන සෑම දිස්ත්‍රික්කයකම උප කාර්යාල මට්ටමෙන් එක් පාසලක් තෝරා තිරසාර ඵලදායි තේ වගාවක් පාසල් වත්තේ ඇති කිරීමට පියවරගෙන ඇත.
ඒ අනුව කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා තේ පරේෂණ ආයතනය ,ශ්‍රී ලංකා තේ මණ්ඩලය , සමස්ත ලංකා කුඩා තේවතු සමිති සම්මේලනය , පාසල් අවට කුඩා තේවතු සමිති
ප්‍රදේශයේ තේ කම්හල් කලාප අධ්‍යාපන කාර්යාල පාසල් සංවර්ධන සමිති එක්ව මේ වැඩසටහන සංවිධානය කිරීමට බලාපොරොත්තු වේ.
පළමු අදියරයේ දී ගාල්ල , මාතර , හම්බන්තොට කළුතර , රත්නපුර , කෑගල්ල , මහනුවර , නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල මේ වැඩ සටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පොල මහතා පවසයි.