Spread the love

නිමල් රාජපක්ෂ

රුපියල් ලක්ෂ ගණනක් වටිනා තෙන්ඩු කොල තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරද්දී දිවුලපිටිය ප්‍රදේශයේදි එක් සැකකරුවකු සමගින් කොළඹ සුුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගයේ කිලෝ 660 ක් තිබු බව කොලඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.

අදාල සැකකරුවන් ඉතා සුක්ෂම අයුරින් තොන්ඩුකොල පිටිපන ප්‍රදේශයේ සිට වරකාපොල ප්‍රදේශයට ප්‍රවාහනය කරන බවත් ඹවුන් කාලයක් තිස්සේ මෙම ජාවාරම ඉතා රහසිගතව සිදු කරගෙන ගොස් ඇති බවත් ප්‍රශ්න කිරීමේදි හෙලිවි තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කිරිමේන් පසු රුපියල් ලක්ෂ පහක සමථ ගාස්තුවක් ගෙවන ලෙස නියම කොට ඇත.
අත්අඩංගුවට ගත් තෙන්ඩුකොල තොගය වෙන්දේසි කොට රුපියල් ලක්ෂ හතළිස් හතර කට වැඩි මුදලක් රජයට ලබා දීමට සුරාබදු කොමසාරිස් වරයා පියවර ගෙන ඇත.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර මහතාගේ උපදෙස් මත , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී සුනිල් පී ආරච්චි මහතාගේ අධික්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතා ගේ මෙහෙය වීමෙන් සුරාබදු පරීක්ෂක කසුන් ජයසුරිය මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.