Spread the love

තුවක්කු දෙකක් ලඟ තබාගෙන සිටි පුද්ගලයකු ඊයේ (20) රම්මල වරාපිටිය ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් තුවක්කු අතරින් එක් තුවක්කුවක් බෙහෙත් කොටන තුවක්කුවක්ද අනික්එක් සතුන් දඩයම් කිරිම සදහා බදින තුවක්කුවක් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 45 වැනි වියේ පසුවන රම්මල වරාපිටිය සපුගස්යාය පදිංචි කරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
සිද්ධිය පිළිබදව වලස්මුල්ල පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.