Spread the love

බලපත්‍ර නොමැතිව බෝර 12 පතොරම් තුවක්කුවක් ලග තබාගත් මාර්ග සංවර්ධන අධිකාරියේ මාතර කාර්යාලයට අනුයුක්තව සේවය කරන රියදුරෙකු පෙරේදා (10) උදෑසන තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරින් පිරිසක් විසින් ඕකවෙල ,ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය .

සැකකරු බෙලිඅත්ත ඉහළ බෙලිගල්ල පදිංචි 46 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය .

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා ඕකවෙල පොලිසියට බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරියෙකු පැවසීය . සැකකරු තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි