Spread the love

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර ඇත.

ඒ අනුව ඒ සඳහා වන චක්‍රලේඛ​ය නිකුත් කර ඇති බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු ක්‍රමය හරහා එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සඳහා සැලකිල්ලට ගනු ලබන අතර කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.