Spread the love


තිදෙනෙකුට දිවි අහිමි කළ රිය අනතුරක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ අධිකරණය එහි හිමිකරුට අත්හිටවූ සිරදඬුවමක් නියම කර ඇත.

2007 වර්ෂයේ ජනවාරි මස 10 වනදා මිරිහාන ප්‍රදේශයේදී සිදුවූ රින අනතුරකට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම විත්තිකරුට රුපියල් 18,000ක දඩයක් ද නිය​ම කර ඇති අතර මරණයට පත්වූ මගීන් දෙදෙනෙකුගේ සමීප ඥාතීන් දෙදෙනෙකුට රුපියල් 150,000ක වන්දියක් ගෙවන ලෙසද විත්තිකරුට නියෝග කර තිබෙනවා.

මේ අතර අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ පැමිණිල්ලක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසද විත්තිකරුට නියෝග කර ඇති බවයි. 

මෙම දඩ හා වන්දි මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් ඔහුට අමතර මාස 54ක සිරදඬුවමක් ද අධිකරණය විසින් නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.