Spread the love


නිමල් රාජපක්ෂ-

කැනඩාවේ සිට කොලඹ ප්‍රදේශයේ පුද්ගලයෙකු නමට එවන ලද තෑගි අඩංගු ලී පෙට්ටි තුනක ව්‍යාජ පතුල් වල සඟවා තිබු රුපියල් මිලියන 122 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


ව්‍යාජ ලිපිනයට කට එවා තිබු තෑගි භාණ්ඩ පෙට්ටි පරික්ෂාකිරීමේදී එහි තිබූ කුශ් වර්ගයේ මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16 ක් හා අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ක් අද දින පෑලියගොඩ කැටුව නොඑන ගමන්බඩු නිශ්කාෂන ආයතනයේදී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පවසයි.


අදාල මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර පරික්ෂා කිරිම සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සිදු කෙරේ.