නියමිත අතිකාල දීමනා ගෙවීම ඇතුළු ගැටළු හතකට විසදුම් ඉල්ලමින් තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ අද පස්වරු 04.00 සිට එළඹෙන 18 වැනිදා දක්වා සංකේත වැඩ වර්ජනයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.
දෙපාර්තමේන්තුවේ පවතින හත්දාස් පන්සීයක පමණ වන සේවක හිගයට විසඳුම් ඉල්ලා මෙම වෘත්තිය ක්‍රියා මාර්ගය ගන්නා බවද හෙතෙම පැවසුවේය.
“අද තැපැල් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළු 7500ක පුරප්පාඩු තියෙනවා. ඒ තුළ දෙපාර්තමේන්තුව අවම මට්ටමින්වත් සේවය සපයාගෙන යාමේ දැඩි අපහසුතාවයක ඉන්නේ. ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදන්නේ දින දෙකකට සැරයයි. අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් දෙන්නේ වැඩවර්ජනය ආරම්භ කිරීමට පැයකට කලින්. කෙසේවෙත්ත අපි සාකච්ඡාවට සහභාගීවෙනවා. සාකච්ඡාවේ තීන්දු තීරණ මත තමයි අපි ආරම්භ කරන වැඩවර්ජනය නතර කරනවාද නැද්ද කියන එක තීන්දු කරන්නේ. 17 සහ 18 දින දෙකේ වැඩ වර්ජනය පැවැත්වෙනවා. 17 සහ 18 මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකවීමෙන් අනතුරුව සාධාරණ සහ මේකට නිසි විසඳුම් ලැබෙන්නේ නැත්නම් අපිට සිදුවෙනවා ඉන් ඔබ්බට ගිහිල්ලා මේ වැඩවර්ජනය තව තියුණු වෘත්තීය ක්‍රියාමාර්ග දක්වා දියත් කරන්න.”