Spread the love

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බව

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ ඉඩම් සහ ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම, තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම සහ අතිකාල පැය ගණන කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම එක්දින වැඩවර්ජනය කැඳවා තිබෙන අතර මෙයට විසදුමක් නොලැබුන හොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පැවසුවේය