පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අද (06) සිට අවලංගු කර ඇත.
ඒ අනුව අද සිට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු ලබන 16 වනදා සිට ලබන 29 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි.