Spread the love

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එහි ඉදිරි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කිරීමට නියමිත බව පවසයි.
තැපැල් කාර්යාලය සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසීය.