Spread the love

හත්වන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 12ක් වයසැති තම දියණියට ලිංගික අතවරකළ පියෙකු ඊයේ (13) වෙනිදා ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටියාගල වත්තේගම කැකලාන ප්‍රදේශයේ පදිංචි මෙම දැරියට ඇයගේ පියා විසින් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා කිහිපයකදී ලිංගික අතවරකර ඇති අතර ඒ පිළිබඳව දැරිය විසින් මවට පවසා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව මව විසින් ඒ පිළිබඳව ඇතිමලේ පොලීසියට පැමිණිලිකර තිබෙනවා.

හතළිස්දෙවන වියෙහි පසුවන තිදරු පියෙකු වන සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අද සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.