Spread the love

වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල ප්‍රදේශයේදී වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මතවැටලීමක් සිදු කර වැල්ලම්පිටිය හා වැලිකඩ පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබූ ත්‍රීරෝද රථ සොරකම් කිහිපයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 400 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද ත්‍රීරෝද රථ 13 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම ත්‍රීරෝද රථවල ර්වණය, එන්ජින් අංක, චැසි අංක සහ අංක තහඩු වෙනස් කර හෝමාගම හා කිරිදිවැල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට අලෙවි කර තිබියදී විර්මශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකරු 2025.03.24 වන දින අළුත්කඩේ අංක 02 ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.04.04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්මශන සිදු කරනු ලබයි.