Spread the love


නිමල් රාජපක්ෂ-

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.45 ත්‍රිකුණාමල බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ නියාමකවරයා ගණේමුල්ල හා බුළුගහගොඩ දුම්රිය ස්ථාන අතර දි දුම්රියෙන් ඇදවැටී තුවාල ලබා තිබේ.
අනතුර සිදුවී ඇත්තේ අද (16) පෙරවරු 6.30 පමණය . සිද්ධියෙන් තුවාල ලැබු නියාමකවරයා දුම්රියෙන්ම රැගෙනවිත් ප්‍රතිකාර සදහා ගම්පහ රෝහලට ඇතුළු කර තිබේ. දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ මේ වනවිට නතර කර තිබෙන අතර වෙනත් නියාමක වරයකු යොදවා කඩිනමින් දුම්රිය ධාවනය සිදු කරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාර  ගමනා ගමන එම්.ජේ ඉදිපොලගේ මහතා පවසයි