Spread the love

පසුගිය දිනවල ජාත්‍යන්තර හා දේශීය මාධ්‍යවල බුද්ධි අංශ උපුටා දක්වමින් මෙරට විවිධ ජාතීන් හා ආගම් අතර ඝට්ටනයක් සිදුව පිපිරීම් තත්ත්වයක් ඇති විය හැකි බවට වන මාධ්‍ය වාර්තා පළ වන බවත් මෙය ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණයක් බැවින් වහාම සියලුම පක්ෂ හා පාර්ශ්ව කැඳවා මෙය සත්‍යක් ද, අසත්‍යයක් ද යන්න පැහැදිලි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පාස්කු ප්‍රහාරයත් සමඟ මේ රටේ නිර්මාණය වූ ආරක්ෂක ව්‍යාකූලත්වය නිසා මෙම සංවේදී කාරණාව සම්බන්ධයෙන් රජයේත් පාර්ලිමේන්තුවේත් අවධානය යොමු කර මේ සම්බන්ධයෙන් සියලුම පක්ෂ හා වගකිව යුතු පාර්ශ්ව දැනුවත් කරන ලෙස ද විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටියා.